සුද්දා ඇවිත් හදලා දුන්නු, ඒත් දැන් හොයාගන්නවත් නැති, ලංකාවේ බලකොටු ගැන අපූරු කතන්දර > 스리랑카(Sri Lanka)

본문 바로가기
사이트 내 전체검색
> 스리랑카(Sri Lanka)

스리랑카(Sri Lanka)

සුද්දා ඇවිත් හදලා දුන්නු, ඒත් දැන් හොයාගන්නවත් නැති, ලංකාවේ බලකොටු ගැන…

페이지 정보

작성자 나래 댓글 0건 조회 1,954회 작성일 17-11-13 15:54

본문

සුද්දා ඇවිත් හදලා දුන්නු, ඒත් දැන් හොයාගන්නවත් නැති, ලංකාවේ බලකොටු ගැන අපූරු කතන්දර 1

ලංකාව කියන්නේ අවුරුදු 2500කටත් වඩා පරණ අතීතයක් තියෙන රටක්නේ. රජවරුන්ගෙන් පටන්ගත්තම, විදේශ ආක්‍රමණ, නිදහස ලැබීම දක්වා තියෙන අපේ ඉතිහාසය ගළපගන්න ලංකාවේ තැනින් තැන තියෙන නටබුන් ටික ම සාක්කි. රාජධානි, පන්සල්, පල්ලි විතරක් නෙවෙයි, බලකොටුත් මේ නෂ්ටාවශේෂ අතරේ තියෙනවා. ඔය බලකොටු අතරින් සමහරක්, අපේ රජවරු සතුරු ආක්‍රමණවලින් ආරක්ෂා වෙන්න හදපුවා. ඉතිරි සේරම හැදිලා තියෙන්නේ යටත් විජිත සමයේ පාලන කටයුතු කරගෙන ගියපු පෘතුග්‍රීසි, ලන්දේසී සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් අතින්.

යටත් විජිත කාලේ හැදුණු ඒ වගේ බලකොටු කීපයක් ගැන විස්තරයක් අපේ බුද්ධික පහුගිය දවසක කතා කළා ඔයාලට මතකත් ඇති. පොඩි පොඩි බිඳවැටීම් කීපයක් හැරුණා ම, වාරකන් රැල්ලෙන් ලස්සනට හැඩ වෙනවා විතරක් නෙවෙයි, ඉස්සර තිබුණු තේජස් ගතිය මේවයින් අදටත් අඩුවක් නැතුව බලාගන්න ඇහැකි. ඒත් විවිධ හේතු නිසා, මේ වෙද්දී සම්පූර්ණයෙන් ම බිඳ වැටිලා ගිය, බලකොටුවක් තිබුණද කියලා සේයාවක්වත් නැති තැනුත් ඔය අතරේ තියෙනවා. අපි අද කියන්න යන්නේ අන්න ඒ වගේ බලකොටු දහයක් ගැන විස්තරයක්.

1. කළුතර බලකොටුව

2521307faaa126e3a2497f677a3d6069_1510555979_6584.jpg
කළුතර බලකොටුව හැදුණේ 1622දී. ඒ වෙද්දී ලංකාවේ පාලනය අල්ලාගෙන උන්නු පෘතුග්‍රීසි තමයි මේක ඉදි කිරීම පටන්ගත්තේ මෙතැන තිබුණු ගංගාතිලක විහාරය කඩා බිඳ දැම්මට පස්සෙයි. හැබැයි ඊට ටික කාලෙකට පස්සේ, පළමුවෙනි රාජසිංහ රජතුමා මේ බලකොටුව අල්ලාගත්තා. ඒත් වැඩි කලක් ගියේ නැහැ. මේ බලකොටුව ආයෙත් පෘතුග්‍රීසි පාලනයට නතුවුණා. 1655දී මේක ලන්දේසීන් විසින් අල්ලාගත්තේ, එක වෙඩිල්ලක්වත් පත්තු කරන්න ඉඩ තියලා නෙවෙයි. ඔවුන් කළුතර බලකොටුව තවත් දියුණු කළේ උස පවුරු සහ අට්ටාල එක්කාසු කරමින්. මේ සඳහා ඒ කාලේ ඉඳපු ලන්දේසි ආණ්ඩුකාරවරයා නෙදර්ලන්තයෙන් ම ගෙන්වපු අඩුමකුඩුම පාවිච්චි කළා කියලා තමයි ආරංචිය. 
2521307faaa126e3a2497f677a3d6069_1510556024_1731.jpg
කොහොමින් කොහොමහරි ඉංග්‍රීසින් ලංකාවට ආවට පස්සේ කළුතර බලකොටුවේ බලය අයිති වුණේ ඔවුන්ටයි. අද වෙද්දී නම් ගංගාතිලක විහාරයේ හෝ කළුතර බලකොටුවේ කිසිම සලකුණක් මෙතැනින් දැකගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට, 1960 ගණන්වල ඉදිවුණු සුප්‍රසිද්ධ කළුතර විහාරය දැක බලාගන්න පුළුවන්. 

댓글목록

등록된 댓글이 없습니다.


회사명 : 대림역 중앙행정사 / 주소 : 서울시 영등포구 도림로129, 304호실
센터장 : 손종하 / 전화 010-8733-5078 / 팩스 02-833-1999 / E-mail : ikingriver01@naver.com
개인정보관리책임자 손종하

Migrants' Help Line

010-8733-5078

WEEKDAY 9AM-6PM (LUNCH 12PM-1PM)
SAT HOLIDAY OFF

Copyright © 2005-2021 대림역 중앙행정사. All Rights Reserved.