වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් > 스리랑카(Sri Lanka)

본문 바로가기
사이트 내 전체검색
> 스리랑카(Sri Lanka)

스리랑카(Sri Lanka)

වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක්

페이지 정보

작성자 나래 댓글 0건 조회 1,617회 작성일 17-11-13 11:49

본문

2521307faaa126e3a2497f677a3d6069_1510541295_4731.png
 

මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් සහ රජයේ ආදායම් සම්බන්ධ වංචා සහගත ක්‍රියා සහ ඊට සමාන චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනම් කරනු වස් විශේෂ අධිකරණයක් පිහිටුවීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

එසේම නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් සිය අභිමතය පරිදි එම මහාධිකරණය වෙත යොමු කරනු ලැබීම, එම මහාධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුව අභියාචනා කිරීමට විධිවිධාන සැලැස්වීමත් එම යෝජනාවට ඇතුළත්ය.

ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබා දීම සඳහා විෂය භාර ඇමතිවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම්දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අධිකරණ තුළ විශාල වශයෙන් නඩු ගොඩගැසී පැවතීම හේතුවෙන් කඩිනමින් විභාග කර අවසන් කිරීමට අපහසු වී ඇති නඩු කටයුතු අතර:

  • මහජන දේපලවලට එරෙහිව වැරදි සිදු කර ඇති බවට වන චෝදනා
  • මුදල් විශුද්ධීකරණ චෝදනා
  • ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සම්බන්ධ චෝදනා
  • සාපරාධී විශ්වාසය කඩ කිරීම හා මහජන දේපල සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට වන චෝදනා
  • සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ චෝදනා
  • අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය චෝදනා

එවැනි නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා ඉහත කී ආකාරයේ විශේෂයෙන්ම වෙන්වූ මහාධිකරණයක් පිහිටුවීම සුදුසු යයි හඳුනා ගනු ලැබූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

http://www.bbc.com/sinhala/sri-lanka-41899571

댓글목록

등록된 댓글이 없습니다.


회사명 : 대림역 중앙행정사 / 주소 : 서울시 영등포구 도림로129, 304호실
센터장 : 손종하 / 전화 010-8733-5078 / 팩스 02-833-1999 / E-mail : ikingriver01@naver.com
개인정보관리책임자 손종하

Migrants' Help Line

010-8733-5078

WEEKDAY 9AM-6PM (LUNCH 12PM-1PM)
SAT HOLIDAY OFF

Copyright © 2005-2021 대림역 중앙행정사. All Rights Reserved.